Chandima Weerakkody
Chandima Weerakkody

ඉන්ධන සඳහා හඳුන්වාදෙන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නව මිල සූත්‍රය හඳුන්වාදීම තුළින් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල වෙනස් වුව ද මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි.

ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

නව මිල සූත්‍රය හඳුන්වාදීමෙන් අනතුරුව ඉන්ධන මිලේ සංශෝධනයක් විය හැකි බව ද  අමාත්‍යවරයා එහිදි සඳහන් කර සිටියේය.