අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1678 ක්.

ඊයේ (28) දිනයේ දී මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සිව් දෙනෙක් හඳුනා ගෙන තිබේ.

ඔවුන් ඉන්දියාව,බංග්ලාදේශය,පාකිස්ථානය හා කුවේට් යන රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අයයි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2037ක්.

එමෙන්ම කොවිඩ් ආසාදිතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික සාමාජිකයින් ගණන 826 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකිකයින් 26 දෙනෙකු හොංකොංහි සිට දිවයිනට පැමිණි අතර අද අලුයම ඕමානයේ සිට 290 දෙනෙකුද දිවයිනට පැමිණියේය.

ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළේදී  PCR පරීක්ෂණයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.