අමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේදී වයස අවුරුදු 6 ක දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු එෆ් බී අයි ආයතනය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, ඔහියෝ ප‍්‍රාන්තයේ අධිකරණයක් ලබාදුන් වරෙන්තුවකටද අනුවයි. වයස අවුරුදු 47 ක් වන ශී‍්‍ර ලංකාවේ ඉපද ඇති මෙම පුද්ගලයා අමෙරිකානු පුරවැසියෙක්. ඉකුත් මාර්තු මස 7 වනදා සැකකරු අදාළ දරුවා අපයෝජනයට ලක්කර තිබුණා. 

මේ අතර ඇඹිලිපිටිය, සෙවනගල ප‍්‍රදේශයේදී වයස අවුරුදු 15 ක දැරියක් සමූහ ලෙස අපයෝජනය කළ බාලවයස්කරුවන් ඇතුළු තරුණයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් අවුරුදු 17 ත් 20 ත් අතර වයස්වල පසුවූවන්. එම පිරිස අතර මෙම දැරියගේ පෙම්වතාද සිටිනවා. ඔවුන් මැයි මස 26 වනදා තෙක්  රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.