උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්න යැයි ඉන්දියාවෙන් බලපෑමක් නොමැති බව  ඉන්දීය විදේශ ලේකම් එස් .ජයශංකර් මහතා පවසයි.

ඊලාම් ජනතා විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශකර සිටියේය.

එමෙන්ම මෙම ඉල්ලීම සොයා බැලීම සඳහා ජන මත විචාරණයකට නොයන බවද එම මහතා පවසයි

1987 න් පස්සෙ මේ සම්බන්ධ විශාල ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වුණා.  දැන් පරණ ආණ්ඩුව නොමැති නිසා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසයි.