ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබද එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය ප‍්‍රකාරව ඉකුත් 2014 වසරේ අසාදු ලේඛනගත කර සිටි විදේශගත කොටි හිතවාදී ප‍්‍රබලයන් දෙදෙනකු වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා එවකට ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුරේ වැඩ ආවරණය කළ යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්නට තර්ජනය කර තිබූ බව හිටපු ආරක්‍ෂක ලේකම් දයානන්ද බස්නායක මහතා ඊයේ (16 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් අනාවරණය කළේය.

විදේශගත ත‍්‍රස්තවාදීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආයතන සහ දෙස් විදෙස් බුද්ධි වාර්තා අනුව කි‍්‍රයාමාර්ග ගැනීම එක්සත් ජාතීන්ගේ 1373 ප‍්‍රඥප්තිය මගින් සිදු කෙරෙන බවද දයානන්ද බස්නායක මහතා පැවසීය.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් බැලීමේදී මෙසේ ත‍්‍රස්තවාදීන් සහ ආයතන අසාදු ලේඛනගත කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ඉතා සංවේදී කි‍්‍රයාදාමයක් තුළින් වන්නක් බවද ඒ මහතා කොමිසම ඉදිරියේ පැහැදිලි කළේය.

එසේ අසාදු ලේඛනගත ත‍්‍රස්තවාදීන්ගේ නම් ඉවත් කරන්නේ නම් විදේශ ඇමැතිවරයා ඒ පිළිබද මුලින්ම ආරක්‍ෂක ඇමැතිවරයා සහ ආරක්‍ෂක මණ්ඩලය දැනුවත් කළ යුතු බවද හිටපු ආරක්‍ෂක ලේකම් දයානන්ද බස්නායක මහතා සදහන් කළේය.

එසේ සිදු විය යුතු කි‍්‍රයාදාමය නිසි පරිදි සිදු නොවීම සහ 2015 වසරේදී බුද්ධි අංශ මගින් සුරේන් සුරේන්ද්‍රන්ගේ සහ එම්මානුවෙල් පියනමගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශයට වාර්තා කර නොතිබූ නිසා හිටපු විදේශ ඇමැති මංගල සමරවීරගේ ප‍්‍රධානත්වයෙන් පැවති අසාදු ලේඛනගත ත‍්‍රස්තවාදීන්ගේ නම් යාවත්කාලීන කිරීමේ සාකච්ඡුාවේදී එවකට ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්නට ඇමැතිවරයා තර්ජනය කර තිබුණ ද තමන් එය කි‍්‍රයාත්මක නොකළේ යැයිද ඒ මහතා පැවසීය.

මෙම සිදුවීම 2015 වසරේ අපේ‍්‍රල් මාසයේදී සිදු වූ අතර ඉන් සිව් මසකට පමණ පසුව තමන් ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉවත් වූ බවත් පසුව එම ධුරයට හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පත්වූ අතර එසේ සිදු වූ මසක් වැනි කාලයක් ඇතුළත අසාදු ලේඛනගතව තිබූ සුරේන් සුරේන්ද්‍රන් සහ එම්මානුවෙල් පියනමගේ පමණක් නොව විදේශගත ත‍්‍රස්තවාදීන් ලෙස හදුනාගෙන සිටි පුද්ගලයන් 299 දෙනකු එම ලේඛනයෙන් ඉවත් කර තිබූ බවද දයානන්ද බස්නායක මහතා කීය.

එසේම 2014 වසරේ අසාදු ලේඛනගත කර තිබූ ත‍්‍රස්තවාදීන්ට සහාය දුන් ආයතන දහයක්ද එම ලේඛනයෙන් ඉවත් කර තිබූ බවද ඒ මහතා කොමිසම ඉදිරියේ පැවසීය.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15 වැනිදා) කොමිසම රැුස්වූ අතර නීතිඥ රසික බාලසූරිය මහතා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් සාක්‍ෂි මෙහෙයවීම සිදු කළේය.

දිවයින පුවත් ඇසුරිනි