ගෘහස්ථව නිෂ්පාදනය කළ සබ්මැරීන් යාත්‍රාවක තිබී මත්කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට  පැනමා රාජ්‍යයේ නිලධාරීන් සමත් වී තිබේ.

එරට වෙරළබඩ ප්‍රදේශයක සිදුකළ විශේෂ සෝදිසියකදී එම මත්ද්‍රවම්‍ය තොගය සමඟ කොලොම්බියානු ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය කුමන වර්ගයකට අයත්ද යන්න පිළිබඳව බළධාරීන් මෙතෙක් අනාවරණය කර නොමැත.

නමුත් මීට පෙර මෙවැනි යාත්‍රාවලින් අමෙරිකාවට සහ යුරෝපයට ප්‍රවාහනය සඳහා රැගෙන යමින් තිබු කොකේන් මත්ද්‍රව්‍ය පැනමා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.