ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙක්‌ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර ඇත.

නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස්‌ මිලර්සන් පත්වීම සහ මෙම නිලධාරීන් සිවුදෙනා ඉවත් කිරීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමට ලක්‌වී තිබේ.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත්කර තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නියෝගයකට අනුවයි.

ඇය එම තනතුරේ කටයුතු කරන්නේ 2014 වසරේ ජනවාරි මස 24 වනදා සිටයි. නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර තිබෙනවා.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය වන සැමන්තා පවර් ද එම ධූරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 28 වැනි අමෙරිකානු තානාපතිවරියයි. මීට 2013 වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට ඇය එම තනතුරේ කටයුතු කළා. සැමන්තා පවර් වෙනුවට පත්කර ඇත්තේ නිකී හැලීයි.