තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ‍1633 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් 811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.