81427_protest15 (1)

පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මැදිගිරිය නගරයේ මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි.

හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවිජනතාව ඇතුළු 5,000 ක පමණ පිරිසක් එක්ව උද්ඝෝෂණය පවත්වන බව වාර්තා වුයේ.
එහිදී ගොවීන් කියා සිටියේ තමන්ට පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත ලබාදිය යුතු බවයි.

වෙළඳසැල්වල පොහොර නැතැයිද වී මිලදී ගැනීමේදී ද මිල ගණන් අඩුකර ඇති බවට ‍ඔවුන් චෝදනා කරන ලදී.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද මෙම උද්ඝෝෂණය පිළිබඳව සහ පොහොර ගැටළුව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අතර සංවාදයක් ඇතිවූ අතර ඊට කථානායකවරයාද මැදිහත් වුණි.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවසුවේ පක්ෂ නායකයෙකු ලෙස ප්‍රශ්නයක් ඇසීමේ ක්‍රමවේදයක් ඇති බවයි.

ඊට පිළිතුරු දෙමින් ගොවි ජනතාවට දැවෙන ප්‍රශ්නයක් ගැන තමන් එහිදී විමසා සිටි බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.