මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පසුගිය 13 වැනිදා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇත.

ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ගෙන තිබේ.

එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුයේ පසුගිය 13 වෙනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණි රුසියානු ගුවන් යානාවක ගුවන් සේවා කාර්ය මණ්ඩලයක සිටි සාමාජිකයෙකුට බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කෙසේ වුවත් මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙළදසැල් දෙකකට පසුගිය ඉරිදා ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙන බවද සදහන්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කොට ඇති බවත් ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.

මෙම රුසියානු ජාතිකයින් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයින් නිවෙස් වෙත ගොස් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.