හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පහසුව සදහා විශේෂ බස්රථ සේවා කි‍්‍රයාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය වාර කිහිපයක් හෙට දිනයේ කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහ උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැුස් කිරීම සදහා ඔන් ලයින් ක‍්‍රමයට තොරතුරු පති‍්‍රකාවක් පිරවීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ඒ, කොවිඞ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීමේ ආරක්‍ෂක වැඩපිළිවෙලක් සදහායි.

කෙසේ වෙතත් අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන්ට එම පති‍්‍රකාව පිරවීමට නොහැකි නම් ඒ පිළිබද කලබලයට පත් නොවන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.