මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු සංවර්ධන බැංකුව, ඉකුත් වසරේදීද ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 750ක සහන ණය දුන්නා. 

මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිනිය එහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමටත්, මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහය වන බවයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

හරිත කෘෂි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ 50වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් 05 වනදා සිට 08 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.