ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට  ද  අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බවයි. 

පෞද්ගලික බස් කර්මාන්තකරුවන් තවත් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් ඊට විසදුම් ඉල්ලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.