susil

නුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක්‌ ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඕනෑම කෙනෙකුට රැස්‌වීමකට යැමේ අයිතියක්‌ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

සන්ධානයේ ඕනෑම පක්‌ෂයකට හෝ පක්‌ෂ කිහිපයකට වෙනම රැස්‌වීම් පැවැත්විය හැකි බවත් එලෙස වෙනම රැස්‌වීම් පවත්වා ඇති බවත් පැවසූ ජාතික සංවිධායකවරයා මහ මැතිවරණයකදී සියලු දෙනා බුලත් කොළය යටතේ තරග කරන බවත් පැවසීය.

මෙම ජාතික රැලියට සහභාගිවන ලෙස පෞද්ගලිකව සන්ධානයේ කිසිදු දේඅශපාලන පක්‌ෂයකට ආරාධනා නොකළ බවත්, ඒ සියලු දේශපාලන පක්‌ෂවලට විවෘත ආරාධනාවක්‌ කර ඇති බවත් රැස්‌වීම් සංවිධායකයෝ පැවසූහ.