nadarajah raviraj03

දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක් 2006 වසරේදී කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගත් අය අතර වෙති.

nadarajah raviraj01

නඩරාජා මන්ත්‍රීවරයා දෙමළ ඩයස්පොරාව සමග මෙන්ම එල්:ටි:ටි:ඊ සංවිධානය සමග එක්ව වැඩකල බවට සහ රජයට එරේහිව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා අනුබල දෙන බවට එකල විවිධ සංවිධාන හා දේශපාලන පක්ශ චොදනා එල්ල කරන ලදී.

විශේෂයෙන් කොළඹ ප්‍රදේශ ඉලක්කකර එල්ල කරනු ලැබු මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර පිළිබදව මෙන්ම ත්‍රස්තවාදින්ට කොළඹදි පහසුකම් සැපයිම පිළිබදවද මේ මන්ත්‍රිවරයාට ඉහත පිරිස් වෙතින් චොදනා එල්ල විය.

nadarajah raviraj02
ඊළාම්වාදින් පළකර තිබු සමරු සටහන්