distress-1

කොල්ලාට අතවර කල සිවිල් ආරක්ශකයා…

වයස අවුරුදු 18ක තරුණයෙකුට බරපතල ලිංගික අපයෝජනයට ලක්කල සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු මැදවච්චිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ තරුණයා විසින් මැදවච්චිය පොලීසියට කල පැමිණිල්ලක් මත මැදවච්චිය සිවිල් ආරක්ෂක බලකා කලාප කාර්යාලයේ සේවයේ නියුතු පුල්ලෙලිය මැදවච්චිය ලිපිනයේ පදිංචි දෙදරු පියෙකු වන සැකකාර සිවිල් ආරක්ෂක බලකා සෙබලා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත්දා (20) සිවිල් ආරක්ෂක බලකා සෙබලාත් තරුණයාත් එකවී මත්පැන් පානය කර ඇති අතර මත්පැන් පානයෙන් අනතුරුව සිවිල් ආරක්ෂක බලකා සෙබලා ඔහුගේ හිතවතෙකුගේ නිවසකට තරුණයා රැගෙන ගොස් අපයෝජනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. සිවිල් ආරක්ෂක බලකා සෙබලා තරුණයාව අපයෝජනයට ලක්කරන අයුරු ඔහුගේ පුංචි අම්මා දැක ඇති බවත් ඇය විසින් තරූණයාගේ මවට දුරකථනයෙන් දැන්වීමෙන් අනතුරුව ඇය ද එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිද්ධිය ඇසින් දැක ඇති බවද පොලීසිය පවසයි.
බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ තරුණයාව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු පිරිමි සහ ගැහැණු දරුවෙකුගේ පියෙකු බවත් බිරිඳට තවත් දරුවෙකු ලැබීමට සිටින බවත් පොලිසිය පවසයි.