President of Sri Lanka Maithripala Sirisena
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වූ දින සියය වැඩපිළිවෙල හෙට දිනයෙන් නිමාවීමට නියමිතය.

දින සියයට අදාළව යෝජනා වී තිබුණු බොහෝ කටයුතු මේවන විට ඉටුකිරීමට නොහැකිව පවත්නා අතර රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා මහමැතිවරණයකට යා යුතු බවට විවිධ පාර්ශව විසින් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනු දකිනන්ට ලැබෙයි.

ඉදිරියට කුමන ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා බැවින් අද දිනයේ ඔහුගේ ප්‍රකාශය අතිශය තීරණාත්මක බව දේශපාලන විචාරකයන් පවසයි.