65

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පනතට විරුද්ධව ඡන්දය භාවිත කළා.

අදාල ඡන්ද විමසීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට සංශෝධන කිහිපයක් එක්කෙරුණා.