ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම සදහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඉදිරි දින 3ක් හෝ 4 ක කාලයක් තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවටයි ආණ්ඩුව විශ්වාසය පළ කරන්නේ.

මෙරටට පැමිණි පෙට්‍රල් නෞකා දෙකකින් ඉන්ධන ගොඩබෑම ඊයේ සිදු කෙරුණා. එම නෞකා දෙකෙන් මෙරටට රැගෙන ආ පෙට්‍රල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 76,000 ක්. ඒ අනුව අද දිනය වනවිට පිට පළාත් ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට පෙට්‍රල් බෙදා හැරීමටයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත්තේ. ඩීසල් තොග ඊයේ දිනයේ සිටම බෙදා හැරීම් සිදු වනවා.