උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවඑම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් උතුරේ ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් අයිතිවාසිකම් දිනාගැනීම සිදුකළ නොහැකි නිසා මෙලෙස ප්‍රධාන පක්ෂ දෙකට එකතුවීම පිළිබඳඔවුන්ගේ අවධානය යොමුකර තිබේ. දැනටමත් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා මහතා මෛත්‍රී- මහින්ද ඒකාබද්ධ පෙරමුණ යටතේ තරග වැදීමට කැමැත්ත පළ කර තිබේ.

මේ අනුව,උතුරේ ක්‍රියාත්මක වන ද්‍රවිඩ ජාතික සන්ධානයට සම්බන්ධ බොහෝ දේශපාලන පක්ෂ තනිව හෝ දෙමළ පක්ෂ එකමුතුවක පෙරමුණක් නොවී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛව සකසන පුළුල් සන්ධානය යටතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන පුළුල් සන්ධානයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.