නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.

අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා තිබූ බවද අප වාර්තාකරු පැවසීය.

මියගිය දරුවන් අතර අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ ඊට බාල ගැහැණු දැරියන් දෙදෙනෙක් වෙයි.