45875785785757575

පොතුහැර දුම් රිය අනතුර: Update

කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ.

මෙම අනතුරත් සමග දුම්රිය මැදිරි අඩි 20ක් පමණ දුරට විසිවී ගොස් ඇති අතර මැදිරි 2ට හා එංජින් 2ට දැඩි හානි සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ මගීන් 15 දෙනෙකු පමණ කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය පොල්ගහවෙලට පමණක් සීමා කර ඇති අතර වව්නියාවේ සිට දුම්රිය ධාවනය කුරුණෑගලට සීමා කර ඇත.
පෙරවරුවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 75කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ තුවාල ලැබූවන් පොල්ගහවෙල සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

53657365372542752752

සීග‍්‍රගාමී දුම්රිය දෙකක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් පිරිසක් තුවාල ලබා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. තුවාල ලැබුවන් 20 දෙනෙකු කුරුණැගල රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.කොළඹ කොටුවේ සිට ව්නියාවබලා ධාවනය වූ නගරාන්තර දුම්රිය සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ රජරට රැුජිණ දුම්රියයි එකම මාර්ගයේ ගමන් කිරීම නිසා මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇත්තේ.