පළාත් පාලන ආයතන 6 කට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේපවීම සම්බන්ධයෙන් කඩිනමින් අධිකරණයේ සහන පතන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම ඇතැම් නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ ඉතා සුළු මුද්‍රණ දෝෂ නිසා බවයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වුයේ මහරගම, පානදුර හා වැලිගම යන නගර සභා සහ බදුල්ල, මොණරාගල සහ අගලවත්ත යන ප‍්‍රාදේශිය සභා සදහායි. ඒ අතරින් පානදුර නගර සභාවේ සහ අගලවත්ත ප‍්‍රාදේශීය සභාවේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේම නොසැලකිල්ලෙන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ කියාසිටියා.