විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

mawbima.lk කළ විමසීමකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, අදාළ මිල සංශෝධනය අද (පෙබ. 16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ය.

කෙසේ නමුත් අනෙක් අහාර වර්ගවල මිල සංශෝධනයක් සිදු නොවන බව සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“අපි කිව්වා සෝලා පැනල් ආපන ශාලවලට දාන්න කියලා. මේ රටේ සේවාවන් සපයන අපේ රටේ ප්‍රධාන ආහාර පාන කර්මාන්තයට දාන්න. අපි 30%ක් කෑම මිල අඩු කරලා දෙන්නම් කියලා. විදුලි බිල වැඩි කරා කෑම මිල වැඩි කරේ නැහැ අපි. ගෑස් මිල වැඩි කරා කෑම මිල වැඩි කරේ නැහැ අපි. මොකද අපිට අහිමි වෙච්ච පාරිභෝගිකයෝ ආරක්ෂා කර ගන්න ඕන නිසා.”