විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

රන්ජන් රාමනායක ඊයේ (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ.

කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට අමෙරිකාව බලා ගමන් කිරීම ඒ මහතාගේ සැලසුම වී තිබුණි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාළව අධිකරණ මගින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඒ මහතා යළි හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් තීරණය කර තිබේ.