රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි එමගින් ඉල්ලා සිටීමට සූදානමක් පවතින බවද වාර්තා වෙයි.