330536

රාජ්‍ය ආයතනයේ වැසිකිලි නල හිරකල උපත්පාලන කොපු තොගය!!!

අනුරාධපුරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සේවකයන් දෛනිකව භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් හමුවීමෙන් එම ආයතනයේ සේවයේ නියුතු නිළධාරින් හා නිළධාරිනියන් විශාල පිරිසක් දැඩි විමතියට පත්ව ඇති බව වාර්තා විය අනුරාධපුර නගරයේ ඩී’එස්’සේනානායක වීදියේ පිහිටි රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියක මල අප ද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්‍ර පවිත්‍ර කිරීම කළ අවස්ථාවේ උපත් පාලන කොපු තොගය හමුවී තිබේ.
යන්ත්‍රයේ ක්‍රියාකරු විසින් බටය දැඩි ලෙස පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් එකට එක්කාසු වී බෝලයක් ලෙස සැකසී සිරව තිබෙන අයුරු දැක තිබේ. මේ වන විට අදාළ ආයතනයේ බොහෝ පිරිසක් මෙම සිද්ධිය මාධ්‍ය හරහා හෙලි වේ යැයි යන බියෙන් පසු වන බවද වාර්තා විය.
අදාළ ආයතනයේ සේවයේ නියුතු නිළධාරියෙකු පැවසූවේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් වැසිකිලි වලට දැමීම හේතුවෙන් ඒවා සිරවී වැසිකිලි පද්ධතිය අක්‍රීය වී ඇති බවයි. ආයතනයට අයත් වැසිකිලි පද්ධති කිහිපයක්ම තිබෙන බවත් ඒවා පිටස්තර පුද්ගලයන් භාවිතා නොකරන බවද ඔහු පැවසුවේය. රාජ්‍ය ආයතනයක් තුළ නිර්භයව නිර්ලජ්ජිත මෙවැනි ක්‍රියා සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව ඔහු සඳහන් කළේය. ආයතනය තුළ වැඩියෙන්ම අතිකාල රාජකාරී සේවාවල යෙදී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලුවහොත් මෙම උපත් පාලන කොපු තොගයේ අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයා ගතහැකි බව ඔහු සඳහන් කළේය.