වැල්ලවාය නගරයේ පිහිටා ඇති IOC ඉන්නධ පිරවුම් හලේ ඊයේ රාත්‍රී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා. ඉන්ධන පොලීමේ සිටි පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑමේන්  පුද්ගලයකු විසින් එම ඉන්නධ පිරවුම් හලේ පොලීම අසල රැදී සිටි සිව්දෙනෙකුට පිහියකින් පහර දී ඇත.

එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනා කඩිනමින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහා රෝහලවෙත මාරුකර යවා තිබේ.

පහරදීම සිදු කල පුද්ගලයා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.