පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් අද (මාර්තු 13) දින කැඳවනු ලැබූඅවස්ථාවේදී ය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වරෙන්තුවක් නිකුත් කරමින් නියෝග කර ඇත්තේ, විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

අනතුරුව අදාළ නඩුව ජූනි මස 19 දින යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.