Screenshot_2017-09-17-01-13-25Screenshot_2017-09-17-21-20-39

උපකාරක පන්ති ගුරුවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ අපූරු හැසිරීමක් පිළිබඳව ජනප්‍රිය මාධ්‍යවේදී වජිර ජයවර්ධන මහතා සිය ෆේස්බුක් අඩවියේ සටහනක් තබා තිබුණා.එක්තරා දිනක තමන්ට කථාකොට සන්නස්ගලගේ අම්මා කෘතිය ජනගත කිරීමේ උළෙල නොමිලේ තමා ලවා කරවා ගත් සන්නස්ගල තමා BMICH හිදී හමුවූ අවස්ථාවේ ඔබ කවුදැයි කියා විමසා සිටි බවයි.
එම පුවතට බොහෝ පිරිස් තම ප්‍රතිචාර දක්වා තිබුණා. බොහෝවිට දේශපාලකයන්ගේ ප්‍රතිරූප විවේචනය කරමින්, පරමාදර්ශී චරිතයක් මෙන් රූපවාහිනී වැඩසටහන් පවා මෙහෙයවූ පුද්ගලයෙකු මෙලෙස ඉතාමත් පහත් ලෙස හැසිරීම පිළිබඳව ඔවුන් එහිදී තමන්ගේ විරුද්ධත්වය පළ කොට තිබුණා.

පසුගිය කාලයේදී මොහු මැතිවරණ ඉදිරිපත් වූ අවස්ථාවේදීත්, ප්‍රභාකරන් සම්බන්ධ කර ගනිමින් කළ ප්‍රකාශයක් නිසා ම මැතිවරණය පවා පරාජයට පත් වීමට සිදු සිදුවූ බව විචාරකයන් සඳහන් කොට සිටියා.

මාධ්‍යවේදී වජිර ජයවර්ධන අදාල පුවත facebook  ඔස්සේ පලකිරීමෙන් පසු, ඉන් කෝපයට පත් සන්නස්ගල මහතා තමාට කථාකොට තර්ජනය කළ බව මීට ටික වේලාවකට පෙර ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන් වජිර ජයවර්ධන මහතා සඳහන් කොට තිබෙනවා. හෙට දිනේ තමාව මුණගැසී තමාට දෙකක් කතා කරන බව ඔහු පවසා සිටි බවද වජිර ජයවර්ධන මෙහිදී සඳහන් කොට තිබෙන අතර ඒ සඳහා අසභ්‍ය වචන භාවිතා කළ බව ද ඔහු සඳහන් කොට තිබෙනවා.

උපකාරක පංති ගුරුවරයෙක් ලෙස මෙන්ම දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් වර්තමාන බල අධිකාරියට උපදෙස් ලබා දෙන්නෙකු ලෙස ප්‍රමුඛව පෙනී සිටින මෙවැනි පුද්ගලයෙකු මේ ආකාරයට හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වන විට දැඩි විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා.