940605020-astrologi

ජේ‍යාතිෂවේදී ඒ.ඩී.යූ. රත්න ශ්‍රී මාස්පොත මව්බිම පුවත්පතින්..

2015 මාර්තු 9 වැනි දින ග්‍රහදේව රාජ්‍යයේ දරුවා වන බුධ ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙයි. ඔහු මාර්තු 28 වැනි දින දක්වා එම රාශියේ ගමන් කරයි. රවි ග්‍රහයා ග්‍රහදේව රාජ්‍යයේ පියාය. රවිද මේ කාලයේ කුම්භ රාශියේ සිටී. රවි – බුධ දෙදෙනා එකම රාශියේ ගමන් කිරීම යහපත් පිහිටීමකි. ලංකා කේන්දරයේ ලග්නයද කුම්භය. එවිට රවි සහ බුධ දෙදෙනා ගමන් කරනුයේ ලග්නයේය. එය පවතින රජයේ සියලු කටයුතුවලට සුබදායකයි. බුද්ධිමත්ව සතුරු බාධක බිඳ ජයග්‍රහණය කරා යෑමට සියලු කටයුතු සුබවාදීව වනු ඇත.

අපි දැන් එක් එක් ලග්නයන්ට බුධගේ පැමිණීම කෙසේ බලපානු ඇතිද විමසා බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ 11 වැන්නට බුධ පැමිණීම යහපත්ය. මුදල් ලැබීම, පී්‍රතිය සහ සතුට ගෙන දෙයි. ගෞරවය තෘප්තිමත් බව තම දිවියට ළඟා වෙයි. විවාහ සැපත පුතකුගේ ඉපදීම වැනි කටයුතු ගෙනදෙයි.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ බුධ පැමිණීම සිදු වන්නේ 10 වැන්නටය. කරන කටයුතු සාර්ථක වෙයි. කීර්තිය වස්තුව ලැබීම, සතුරන් ජය ගැනීම, මානසික හා ගෙදර ‍ෙදාර සතුට, රැකියා ව්‍යාපාර දියුණුව ඇති කරයි.

මිථුන ලග්නය
බුධ නව වැනි රාශියට පිවිසීම කරන කටයුතු බාධා වීම්, හිරිහැර හා අයුතු දෝෂාරෝපණ ලැබීම, වෙහෙසනසුලු ගමන් යෑම, සතුරු කරදර, මුදල් විනාශය, ගෞරවය හා තත්ත්වයට හානි ගෙන දෙන කාලයකි.

කටක ලග්නය
කටක ලග්න හිමියන්ට බුධ කුම්භ රාශි ගතවීම යහපත්ය. නොයෙක් ලාභ, උපකාර, පී්‍රතිමත් භාවය ගෙන දෙයි. ජයග්‍රහණය, පුතකුගේ උපත, හොඳ බුද්ධිය, දක්‍ෂ බව, දියුණුව හා බලය යන කටයුතුවලින් සතුට ගෙනෙයි.

සිංහ ලග්නය
සිංහයට බුධ පැමිණෙන්නේ හත් වැනි රාශියටය. මේ කාලය මානසික කරදර, නරකට පෙලැඹීම් කරන කටයුතු බාධා වීම්, වස්තුව හා සෞභාග්‍යයට හානි පවුලේ අය සමඟ දබර, ගෙදර ‍ෙදාර කරදර ආදී දේ පෙන්වනු ලබයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ කුම්භ රාශිය වන හය වැන්නට බුධ පැමිණීම ජයග්‍රහණයට හේතුවෙයි. වස්තුව ලැබීම, කරන කටයුතු සපල වීම, සමාජය විසින් ප්‍රිය කරනු ලබයි. කීර්තිය ගෙනදෙයි.

තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ට බුධ පැමිණෙන්නේ පස් වැනි රාශියටය. තත්ත්වය නැතිවීම, භාර්යා, දූ පුතුන් සමඟ දබර වීම්, අගෞරවය, අරමුණක් නැති දේ කිරීම බුද්ධිය හීනවන කටයුතු කරන කාලයක් වෙයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ කුම්භ රාශිය වන සිවු වැන්නට බුධ පැමිණෙයි. මුදල් ලැබීම පවුලේ කටයුතු දියුණුව, යහපත් චරිතය, පී්‍රතිය බුද්ධිමතුන් ඇසුර, සමෘද්ධිමත් බව ගෙනෙනු ඇත.

ධනු ලග්නය
කුම්භ රාශිය වන තුන්වැන්නට බුධගේ පැමිණීම නෑයන් සමඟ දබර, වස්තු විනාශය, රජයෙන් උසස් නිලධාරීන්ගෙන් හා සතුරන්ගෙන් කරදර ගෙන දෙයි.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ බුධ පැමිණෙන්නේ දෙවැන්නටය. අපකීර්තිය, අගෞරවය, දූෂමාන ආරංචි පැතිරීම, අයුතු දෝෂාරෝපණ, කේන්තිය, දු–ඛිතභාවය ආදී කටයුතු සිදුවෙයි. මුදල් ලැබීම හා කටයුතු සපල වීම ගෙනදෙයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ පළමුවැන්නට බුධ පැමිණෙයි. දේපළ විනාශය, නඩුහබ, සිරගත වීම්, පහත් අය සමඟ ඇසුර, නපුරු ලෙස කතා කිරීම, අදහස් වෙනස් කිරීම, සතුරන් වැඩි වීම වැනි දේ පෙන්වයි.

මීන ලග්නය
මීන ලග්න හිමියන්ගේ 12 වැන්නට බුධ පැමිණෙයි. මේ කාලයේ ගෙදර ‍ෙදාර දබර පරාජය, රෝග, සෑදීම, නෑයන් වරදවා තේරුම් ගැනීම කලබල වීම සතුරන් නිසා අපකීර්තිය, මුදල් විනාශය ආදී දේ පෙන්වනු ලබයි.
ඉහත සඳහන් කරනු ලැබුවේ පොදුවේ ලග්න 12ට බුධ ග්‍රහයා පල අපල ගෙනදෙන අයුරුයි.
තමන්ගේ කේන්ද්‍ර හා ගැළපීමේදී උපතේදී බුධ ග්‍රහයා සිටින ස්ථානය සඳු සිටින ස්ථානය අනුව ගළපා ගත යුතුයි.